අද වන විට ලංකාවේ නියෝජිත ප්රජාතන්ත්රවාදයට මාලිමාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බවත් ඒ හරහා මාලිමාව ප්රජාතන්ත්රවාදයේ මළගමට පාර කියමින් සිටින බවත් කේෂාල් ජයසිංහ පැවසී ය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ‘සිලින්ඩරය’ ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රීක්කයේ අපේක්ෂයකු ලෙස ඉදිරිපත්ව සිටින කෙෂාල් ජයසිංහ එබව කියා සිටියේ පසුගිය 02වන දින උතුරු කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවක දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ කෙෂාල් ජයසිංහ...
ජවිපෙ හෙවත් ජාජබ බලහත්කාරය
‘‘පාර්ලිමේන්තු මැතිවරණයක දි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ ඡන්ද දායකයන් විසින් තමන්ට කැමති නියෝජිතයන් පත් කිරීම. ඒ නියෝජිතවරුන්ට සහ නියෝජිතවරියන්ට පුළුවන් ඡන්ද දායකයන් ළඟට ගිහින් තමන් බලයට පත් වුනොත් කරන්න අපේක්ෂා කරන වැඩ කටයුතු පිළිබඳ ඒ අයව දැනුවත් කරන්න. ඡන්ද දායක දායිකාවන්ටත් පුළුවන් තමන් ඡන්දය ලබා දෙන අපේක්ෂකයාගෙන් ප්‍රශ්න කරන්න. තුලින් ඡන්ද දායකයා සහ නියෝජිතයා අතර සම්බන්ධයක් ගොඩ නැගෙනවා. නමුත් දැන් සිදුවෙමින් පවතින්නෙ මොකක් ද? දැන් සිදු වෙමින් පවතින්නේ මාලිමාවේ අපේක්ෂකයන්ට ඡන්ද දායකයන් හමුවට ගොස් තමන් ඉදිරිපත් විමේ අභිප්රායන් ප්‍රකාශ කිරීමේ ඉඩකඩ ඇහිරීම නෙ. ඒක ජනතා විමුක්ති පෙරමුණ කරන බලපෑමක්.
මෙවර ජනාධිපතිවරණයෙ දි ජනාධිපතිට ලැබුණු ඡන්දවලින් සාතිශය බහුතරයක් සමන්විත වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට අදාළ ඡන්ද පදනමින් නෙවෙයි. එවක ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ තම පක්ෂය ද මාලිමාවේ කොටස්කාරයෙක් කියල නෙ. නමුත් දැන් මාලිමාවේ අනිත් කොටස්කරුවන් හොද්දක කරපිංචා නැටි බවට පත්වෙලා නෙ. දැන් සිදුවෙමින් පවතින්නෙ ජනතා විමුක්ති පෙරමුනේ මහා ලේකම්ට අවශ්‍ය විදියට පාර්ලිමේන්තුවක් හදාගන්න උත්සාහ කරන එක නෙ.
ප්රජාතන්ත්රවාදයෙන් කාඩර දේශපාලනයට ...
සමානුපාතික නියෝජන ක්‍රමය සම්බන්ධ පැවතුණ ප්‍රධාන විවේචනයක් වුණේ මැතිවරණ කොට්ඨාසය විදියට දිස්ත්‍රික්කය විශාල විම නිසා තමන් ඡන්දය දෙන නියෝජිතයා කවුද කියන එක ගැටලුවක් වීම නෙ. ඒනිසා නෙ පුද්ගලයෙකුට ආසනයක් භාර දුන්නේ. බොහෝ දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු අපේක්ෂකයන්ට මැතිවරණ ප්‍රවර්ධන කටයුතු කර ගන්න බැරි නිසා ඡන්ද දායකයන්ට තමන් ඡන්දය පාවිච්චි කරන්නේ කාටද කියල ගැටලුවක් නිර්මාණය වෙලා.
මාලිමාවෙන් ඉදිරිපත් වන අපේක්ෂයකයන් ඒ ප්‍රදේශයේ අය අඳුරන්නේ නෑ. ඊටත් වඩා බරපතළ ගැටලුව වෙන්නේ අපේක්ෂක අපේක්ෂිකාවොත් අදාළ ප්‍රදේශ සම්බන්ධයෙන් අවබෝධයක් නැතිවීම. මේ ක්‍රියාත්මක වන්නේ නියෝජන ප්රජාතන්ත්රවාදය අවසන් කරලා කාඩර පක්ෂයකට දේශපාලන බලය ලබා දීමට කටයුතු කිරීම.
මාලිමාවේ දේශපාලනය කියන්නෙ ටිල්වින් සිල්වාගේ ආශාව ද? අනුර කුමාරගේ ආශාව ද?
මෙන්න මේ හේතුව නිසා ජනාධිපතිවරණයෙ දි මාලිමාවට ඡන්දය පාවිච්චි කරපු පිරිස තමන් මෙවර ඡන්දය පාවිච්චි කරන්නේ කාටද කියන ගැටලුවක හිර වෙලා. මාලිමාවේ දේශපාලනය කියන්නෙ ටිල්වින් සිල්වාගේ ආශාව ද? අනුර කුමාරගේ ආශාව ද? කියල එයාලා ජනතාවට පැහැදිලි කරන්න ඕනෙ. ඔවුන්ගේ ආශාවන් වෙනුවෙන් මාලිමාවට ඡන්දය පාවිච්චි කරපු ජනතා විමුක්ති පෙරමුණේ නොවන ඡන්ද දායකයන් ජනතා විමුක්ති පෙරමුණට බිලි වෙන්න වුවමනා නෑ. මම ඔබ හැම දෙනාට ම ආරාධනා කරන්නේ මේ ප්රජාතන්ත්රවාදයේ මළගමට දායක වෙන්න එපා කියල යි.’’
(සටහන -චමින්ද හේවගේ)