මීට වසර කිහිපයකට පෙර, Manthri.lk මගින් මන්ත්‍රීවරුන්ගේ ශ්‍රේණිගත කිරීම් හඳුන්වා දෙන ලද මංගල රැස්වීමට මම සහභාගී වී සිටියෙමි. එහිදී ශ්‍රේණිගත කිරීමේ ඉහළ ම සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමග සාකච්ඡාවක් මෙහෙයවන ලදි.
පසුගිය ජනාධිපතිවරණයේදී තරඟයට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා හැර අනෙක් ප්‍රධාන අපේක්ෂයකයන් දෙදෙනාම විශාල මැතිවරණ පොරොන්දු මාලාවක් ඉදිරිපත් කර තිබුණා. ලංකාවේ මැතිවරණ පොරොන්දු ගැන සිංගප්පුරුවේ අග්‍රාමාත්‍යවරයෙක් මෙසේ ප්‍රකාශ කර සිටියා. ඔහු ප්‍රකාශ කර සිටියේ Sri Lankan elections are an action of non existing resources. එනම් ශ්‍රි ලංකාවේ මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් ලෙසයි.
පසුගිය ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් අතර තුන්වන තැනට පත්වුණා.
මෙය ඔහු හා ඔහුට සහයෝගය දැක් වු පිරිස අපේක්ෂා කළ දෙයක් නොවේ. ඔහුට සහය පල කළ අයගේ අදහස වුයේ ජනාධිපති වික්‍රමසිංහ වසර දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත රටතුළ ඇති වු ආර්ථික අර්බුදය නිසා ඇති වු දේශපාලන අර්බුදය ස්ථාවර කිරිම නිසා ඔහුට මැතිවරණය ජයග්‍රහණය කිරිමට වැඩි ඉඩක් ඇති බවයි.
ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර සාකච්ඡා සම්පූර්ණයෙන් ම වගේ අවහිර වූ තත්වයක් මතුව ඇතැයි ජාත්‍යන්තර දේශපාලන කටයුතු පිළිබඳ විශ්ලේෂකයකු වන කෙෂාල් ජයසිංහ පැවසී ය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ‘සිලින්ඩරය’ ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රීක්කයට ඉදිරිපත්ව සිටින කෙෂාල් ජයසිංහ ඒ බව සඳහන් කර සිටියේ නාවල සිය නිවසේ පැවති ඊයේ (29) පැවති තරුණ ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ කෙෂාල් ජයසිංහ…
අද වන විට ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මාලිමාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බවත් ඒ හරහා මාලිමාව ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට පාර කියමින් සිටින බවත් කේෂාල් ජයසිංහ පැවසී ය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ‘සිලින්ඩරය’ ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රීක්කයේ අපේක්ෂයකු ලෙස ඉදිරිපත්ව සිටින කෙෂාල් ජයසිංහ එබව කියා සිටියේ පසුගිය 02වන දින උතුරු කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවක දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ කෙෂාල් ජයසිංහ...
ජවිපෙ හෙවත් ජාජබ බලහත්කාරය
‘‘පාර්ලිමේන්තු මැතිවරණයක දි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ ඡන්ද දායකයන් විසින් තමන්ට කැමති නියෝජිතයන් පත් කිරීම. ඒ නියෝජිතවරුන්ට සහ නියෝජිතවරියන්ට පුළුවන් ඡන්ද දායකයන් ළඟට ගිහින් තමන් බලයට පත් වුනොත් කරන්න අපේක්ෂා කරන වැඩ කටයුතු පිළිබඳ ඒ අයව දැනුවත් කරන්න. ඡන්ද දායක දායිකාවන්ටත් පුළුවන් තමන් ඡන්දය ලබා දෙන අපේක්ෂකයාගෙන් ප්‍රශ්න කරන්න. තුලින් ඡන්ද දායකයා සහ නියෝජිතයා අතර සම්බන්ධයක් ගොඩ නැගෙනවා. නමුත් දැන් සිදුවෙමින් පවතින්නෙ මොකක් ද? දැන් සිදු වෙමින් පවතින්නේ මාලිමාවේ අපේක්ෂකයන්ට ඡන්ද දායකයන් හමුවට ගොස් තමන් ඉදිරිපත් විමේ අභිප්‍රායන් ප්‍රකාශ කිරීමේ ඉඩකඩ ඇහිරීම නෙ. ඒක ජනතා විමුක්ති පෙරමුණ කරන බලපෑමක්.
මෙවර ජනාධිපතිවරණයෙ දි ජනාධිපතිට ලැබුණු ඡන්දවලින් සාතිශය බහුතරයක් සමන්විත වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට අදාළ ඡන්ද පදනමින් නෙවෙයි. එවක ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ තම පක්ෂය ද මාලිමාවේ කොටස්කාරයෙක් කියල නෙ. නමුත් දැන් මාලිමාවේ අනිත් කොටස්කරුවන් හොද්දක කරපිංචා නැටි බවට පත්වෙලා නෙ. දැන් සිදුවෙමින් පවතින්නෙ ජනතා විමුක්ති පෙරමුනේ මහා ලේකම්ට අවශ්‍ය විදියට පාර්ලිමේන්තුවක් හදාගන්න උත්සාහ කරන එක නෙ.
ප්‍රජාතන්ත්‍රවාදයෙන් කාඩර දේශපාලනයට ...
සමානුපාතික නියෝජන ක්‍රමය සම්බන්ධ පැවතුණ ප්‍රධාන විවේචනයක් වුණේ මැතිවරණ කොට්ඨාසය විදියට දිස්ත්‍රික්කය විශාල විම නිසා තමන් ඡන්දය දෙන නියෝජිතයා කවුද කියන එක ගැටලුවක් වීම නෙ. ඒනිසා නෙ පුද්ගලයෙකුට ආසනයක් භාර දුන්නේ. බොහෝ දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු අපේක්ෂකයන්ට මැතිවරණ ප්‍රවර්ධන කටයුතු කර ගන්න බැරි නිසා ඡන්ද දායකයන්ට තමන් ඡන්දය පාවිච්චි කරන්නේ කාටද කියල ගැටලුවක් නිර්මාණය වෙලා.
මාලිමාවෙන් ඉදිරිපත් වන අපේක්ෂයකයන් ඒ ප්‍රදේශයේ අය අඳුරන්නේ නෑ. ඊටත් වඩා බරපතළ ගැටලුව වෙන්නේ අපේක්ෂක අපේක්ෂිකාවොත් අදාළ ප්‍රදේශ සම්බන්ධයෙන් අවබෝධයක් නැතිවීම. මේ ක්‍රියාත්මක වන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කරලා කාඩර පක්ෂයකට දේශපාලන බලය ලබා දීමට කටයුතු කිරීම.
මාලිමාවේ දේශපාලනය කියන්නෙ ටිල්වින් සිල්වාගේ ආශාව ද? අනුර කුමාරගේ ආශාව ද?
මෙන්න මේ හේතුව නිසා ජනාධිපතිවරණයෙ දි මාලිමාවට ඡන්දය පාවිච්චි කරපු පිරිස තමන් මෙවර ඡන්දය පාවිච්චි කරන්නේ කාටද කියන ගැටලුවක හිර වෙලා. මාලිමාවේ දේශපාලනය කියන්නෙ ටිල්වින් සිල්වාගේ ආශාව ද? අනුර කුමාරගේ ආශාව ද? කියල එයාලා ජනතාවට පැහැදිලි කරන්න ඕනෙ. ඔවුන්ගේ ආශාවන් වෙනුවෙන් මාලිමාවට ඡන්දය පාවිච්චි කරපු ජනතා විමුක්ති පෙරමුණේ නොවන ඡන්ද දායකයන් ජනතා විමුක්ති පෙරමුණට බිලි වෙන්න වුවමනා නෑ. මම ඔබ හැම දෙනාට ම ආරාධනා කරන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට දායක වෙන්න එපා කියල යි.’’
(සටහන -චමින්ද හේවගේ)
කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කළ උදය ආර් සෙනවිරත්න වැටුප් කොමිෂන් සභාවෙන් රජයේ සේවකයන්ට දීමට නියමිත වැටුප් වැඩිවිම ගෙවිමට ආණ්ඩුව මුදල් වෙන් කර නොමැති බවටත් ඒ සඳහා ආණ්ඩුවට හැකියාවක් නැති බවටත් කැබිනට් ප්‍රකාශක විජිත හේරත් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කරන ලද ප්‍රකාශ රාජ්‍ය සේවකයින්ව විහිළුවට ගෙන ඔවුන්ට කොකා පෙන්වීමට ගත් බොළඳ උත්සාහයක් යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කේෂාල් ජයසිංහ දෙහිවල ප්‍රදේශයේ ඊයේ (30) පැවති එක්සත් ජාතික පාක්ෂික හමුවකදී පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කළ උදය ආර් සෙනවිරත්න වැටුප් කොමිෂන් සභාවෙන් රජයේ සේවකයන් වෙත දීමට නියමිත වැටුප් වැඩිවීම ගෙවීමට ආණ්ඩුව මුදල් වෙන් කර නොමැති බව සහ ඒ සඳහා ආණ්ඩුවට හැකියාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක විජිත හේරත් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කරන ලද ප්‍රකාශ රාජ්‍ය සේවකයින්ව විහිළුවට ගෙන ඔවුන්ට කොකා පෙන්වීමට ගත් බොළඳ උත්සාහයක් යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කෙෂාල් ජයසිංහ පැවසී ය.
MP Candidate Keshal Jayasinghe demands answers on economic strategy.
Keshal Jayasinghe, an international political affairs analyst and a candidate for the Colombo district in the upcoming General Election under the ‘Cylinder’ symbol, expressed concerns over the apparent deadlock in negotiations between the Sri Lankan government and the International Monetary Fund (IMF).